කතාකිරීමට පෙර වෙඩි තැබීමට ලක්වන ඇමරිකානු ජාතිකයන්ගේ මානව හිමිකම් සුරකින්නේ කවුරුන් ද?
2023-04-25 17:19:34
Share with:

"ඔවුන් වැරදි තැනකට ගොස් නොදැනුවත්වම වැරැද්දක් කළ නමුත් එය මාරාන්තික ප්‍රතිවිපාකයක් සඳහා හේතුවක් වී ඇත" යනුවෙන් ඇමරිකා‍වේ මෑතකාලීන වෙඩි තැබීමේ සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන The New York Times පුවත්පත කියාසිටී.

ගෙවී ගිය වසර තුළ “වැරදි ස්ථානයක”සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් ඇමරිකාවට ඛේදජනක ප්‍රතිවිපාක ගෙන දී ඇති බව USA Today පුවත්පත පැවසීය. වර්තමානයේ ඇමරිකානු ජනතාව දැඩි භීතියකින් පීඩා විඳිති. මෙම බිය සහ මෑත වසරවල ඇමරිකාවේ ඉහළ යන අපරාධ අනුපාතය සමඟ සම්බන්ධයක් ඇතැයි ද එහි සඳහන් වේ.

මෙම සිදුවීම්වලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ජාතිවාදය යි. මෑත වසරවලදී, ඇමරිකානු සමාජය තුළ ධනවතුන් හා දුප්පතුන් අතර පවතින දැඩි විෂමතා, දේශපාලන අන්තවාදී භාවය සහ වර්ගවාදය වැනි ගැටළු සමාජය තුළ ප්‍රතිවිරෝධතාව උග්‍ර කර තිබේ.

පවතින බිය සහ කාංසාව නිසාම, ආත්ම ආරක්ෂාව පතා ඇමරිකානු ජාතිකයෝ වැඩි වැඩියෙන් තුවක්කු මිලදී ගනිති. සෑම කෙනෙකුම අකමැත්තෙන් හෝ "තුවක්කුවක් හිමිකර ගැනීමේ" විකල්පය තෝරාගත් විට, ඇමරිකානු සමාජය "අනාරක්ෂිතභාවය - තුවක්කු මිලදී ගැනීම -  අනාරක්ෂිතභාවය තීව්‍ර වීම" යන විෂම චක්‍රයට වැටීම වැළැක්විය නොහැකිය.

"මානව හිමිකම් පිළිබඳ පහනක්" යැයි ලොවට ආඩම්බරයෙන් පවසන, ලොව සුපිරි බලවතා බව කියාගන්නා ඇමරිකාවේ "කතා කිරීමට" පළමුව "වෙඩි තැබීමේ" පියවර පැමිණියේ කෙසේදැයි සිතා ගත නොහැකිය. කතාකිරීමට පෙර වෙඩි තැබීමට ලක්වන ඇමරිකානු ජාතිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නේ කවුරුන් ද?

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම