ඇමරිකාවේ වාර්ගික වෙනස්කම් කිරීම් ප්‍රශ්නය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශේෂ විමර්ශනයක්
2023-04-25 14:27:45
Share with:

ඇමරිකාවේ වාර්ගික වෙනස්කම් කිරීම් ප්‍රශ්නය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ විමර්ශනය ආරම්භ කරති.

ගත වූ වසර තුන තුළ, පොලිසියට සම්බන්ධ වාර්ගික වෙනස්කම් කිරීමේ ප්‍රචණ්ඩත්වයන් ඇමරිකාවේ නිරන්තරයෙන් සිදු වී තිබේ. ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ කමිටුවක් පිහිටුවයි.

ඇමරිකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පවතින වාර්ගික වෙනස්කම් පිළිබඳ ප්‍රශ්නය තක්සේරු කිරීමට මෙම කණ්ඩායම ඊයේ(24) සිට මැයි 5 වනදා දක්වා ඇමරිකාවේ නගර 6 ක සංචාරය කිරීමට නියමිතය. විවිධ මට්ටම්වල අදාළ රජයේ නිලධාරීන් හමු වෙමින් ඒ හා සම්බන්ධ විවිධ ආයතන නිරීක්ෂණය කිරීමට ද නියමිතව ඇත.

එරට තුළ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ බලය සම්බන්ධ නීති සහ සැබෑ භාවිතයන් විමර්ශනය කර, ඒවා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල ද යන්න තක්සේරු කරන බව ජගත් සංවිධානය පවසයි. ඇමරිකාවේ දී අප්‍රිකානුවන්ට සිදුවන අධික ප්‍රචණ්ඩත්වය සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නතර කිරීම සඳහා,  එම විමර්ශන කණ්ඩායම උපදෙස් ලබා දෙනු ඇති බව ද වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම