සැබෑ බහුපාර්ශ්විකත්වය ප්‍රගුණ කරන ලෙස එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතයා සියළු රටවල්වලින් ඉල්ලයි
2023-04-25 09:12:40
Share with:

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතයා සැබෑ බහුපාර්ශ්විකත්වය ප්‍රගුණ කරන ලෙස විවිධ රටවල්වලින් ඉල්ලා සිටියි. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා ඊයේ (24) "එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය" සහ බහුපාර්ශ්විකවාදය ආරක්ෂා කිරීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවෘත විවාදයේදී කතාවක් කරමින් මේ බව පැවසීය.

ආධිපත්‍යය සහ හිරිහැර කිරීම ලෝකයට බරපතල හානියක් ගෙන දී ඇති බවත් කණ්ඩායම් දේශපාලනය විශාල බෙදීම් සහ ගැටුම් ඇති කරන බවත් Zhang Jun මහතා පැවසීය. වර්තමානයේ වඩාත්ම අවශ්‍ය වන්නේ සියලු රටවල් සැබෑ බහුපාර්ශ්විකත්වය ප්‍රගුණ කිරීම, එක්සත් ජාතීන්ගේ ධජය යටතේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම, ගෝලීය පාලන පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, පොදු ආරක්ෂාව ළඟා කර ගැනීම, පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ පොදු අනාගතයක් විවෘත කිරීමයි.

ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අධිකාරය දැඩි ලෙස ආරක්ෂා කළ යුතු බව Zhang Jun මහතා අවධාරණය කළේය. ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ පිළිවෙල ස්ථිරව පවත්වාගෙන යමින්, ජාත්‍යන්තර කටයුතුවලදී සියලු රටවල් සමාන සහභාගීත්වය සහතික කළ යුතු අතර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන ඒකපාර්ශ්වික සම්බාධකවලට එරෙහි විය යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම