චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විදේශ රටවල නව චීන තානාපතිවරුන්ගේ අක්තපත්‍ර භාර ගනී
2023-04-25 09:30:09
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(24) බෙයිජිං හි මහජන මහ ශාලාවේ දී විදෙස් රටවල් 70ක නව චීන නාතාපතිවරුන්ගේ අක්තපත්‍ර භාර ගත්තේය.

මොංගෝලියානු තානාපති Tuvshin Badral, ගයනාවේ තානාපතිනි Anyin Choo, බාබඩොස්හි තානාපති Hallam Henry, එල් සැල්වදෝරයේ තානාපති  Aldonov F. Alvarez, ඔස්ට්‍රියාවේ තානාපති Andreas Riecken, අයිස්ලන්තයේ තානාපති Thorir Ibsen, මෙක්සිකෝවේ තානාපති Jesus Seade සහ යුරෝපා සංගමයේ චීන නියෝජිත කණ්ඩායමේ තානාපති Jorge Toledo යන මහත්ම මහත්මීන් ඊට ඇතුළත්ය. එමෙන්ම ෂී ජින් පිං මහතා ශැංහයි සහයෝගිතා සංවිධානයේ මහ ලේකම් Zhang Ming මහතා ද හමුවිය.

අක්තපත්‍ර භාර දීමේ උත්සවය අවසන් වීමෙන් පසු ෂී ජින් පිං මහතා විදේශ තානාපතිවරුන් හමුවේ දේශනයක් සිදු කර ඇත.

සියලු විදේශ තානාපතිවරුන් චීනය පිළිබඳව පූර්ණ මෙන්ම ගැඹුරු අවබෝධයක් ලබා ගනිමින්, මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ දූතයන් ලෙස සේවය කරනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.සාමකාමී සංවර්ධන මාර්ගය ස්ථීර ලෙස අනුගමනය කරන චීනය, විවෘතභාවයේ මූලික ජාතික ප්‍රතිපත්තිය ද  නිසි ලෙස ක්‍රියාත්මක කරයි. අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගැනීමට විවෘත උපායමාර්ගයන් දැඩි ලෙස ක්‍රියාත්මක කරන චීනය සිය රටේ සංවර්ධනය හරහා ලෝකය‍‍ට වඩා වැඩි අවස්ථා නිර්මාණය කරනු ඇති බව ද ෂී ජින් පිං මහතා පැවසීය. චීනය ජගත් ප්‍රජාව සමග ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යන ප්‍රවේශ තුන ක්‍රියාත්මක කිරීමට කැමැත්තෙන් සිටී. ජගත් ප්‍රජාව සමග එක්ව චීනය සමස්ත මානවයන්ගේ පොදු වටිනාකම් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමටත්, ඒ ඒ රටවල ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමටත් චීනය බලාපොරොත්තු වේ. එමෙන්ම ගෝලීය අභියෝගයන්ට පොදුවේ මුහුණ දෙමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ දිශාව කරා අඛණ්ඩව ඉදිරියට යන බව ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.

 

 


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම