සෙසු රටවල මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, අවිචාරවත් පොලිස් භටයකු ලෙස කටයුතු කරන ඇමරිකාවේ ක්‍රියාකලාපය
2023-04-25 09:09:15
Share with:

සෙසු රටවල දේශපාලන හා ආර්ථික කටයුතුවලට කරන මැදිහත්වීම් මෙන්ම, මානව හිමිකම් පිළිබඳ ඇමරිකානු ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ජගත් ප්‍රජාවගෙන් විවිධ මතවාද හා විවේචන එල්ල වී තිබේ. ඉරානය, ඇෆ්ගනිස්ථානය, සිරියාව වැනි රටවල මානව හා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් උල්ලංඝනය වී, දහස් සංඛ්‍යාත ජනතාවක් මරණයට පත්වූයේත්, තවත් විශාල පිරිසක් සරණාගතයන් බවට පත්වූයේත් ඇමරිකාවේ එවැනි ක්‍රියා හේතුවෙනි. එම සිද්ධීන් විමසා බැලීමේ දී ඇමරිකාව අවිචාරවත් පොලිස් භටයකු සේ කටයුතු කරන බවක් පිළිබිඹු වෙතැයි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා පවසයි. එසේම, සිරියාව වැනි රටවලට බලහත්කාරයෙන් ඇතුළු වෙමින් ඛනිජ තෙල් සම්පත කොල්ලකෑම මෙන්ම යුක්රේනයේ යුද ගැටුම් ඇතිකිරීමට ඇමරිකාව ගන්නා උත්සාහය කෙරෙහි ද ජාත්‍යන්තර විචාරකයන්ගේ අවධානය  මේ වන විටත් යොමුව ඇත.

වෙනත් රටවල යුද ගැටුම් ඇතිකරමින් තම අධිරාජ්‍යවාදී බලය ප්‍රචලිත කිරීම ඇමරිකාවේ අරමුණකි. එම අධිරාජ්‍යවාදී බලය තහවුරු කිරීමට ඔවුන් අනුගමනය කරන ක්‍රම තුනක් ඇත. එනම්, ගැටුම් නිර්මාණය, තරගකාරීත්වය සහ ව්‍යාජ සහයෝගිතාවයයි. ඇතැම් බටහිර මාධ්‍ය පවා ඊට අනුබල දෙයි. ඇමරිකාවේ CNN මාධ්‍ය ජාලයේ නිකී පැටන් පෝල්ස් මේ වන විට යුක්රේනයේ සිට කරන වාර්තා කිරීම් තුළින් ද එය සනාථ වේ. ඔහු ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති කාලයේ දීත් සාවද්‍ය පුවත් වාර්තා කිරීම හේතුවෙන් පිටුවහල් කරනු ලැබූ අයෙකු බව ද මහාචාර්යවරයා කියාසිටී.

දීර්ඝ කාලයක සිට ඇමරිකාවේ වර්ණභේදය උත්සන්න වෙමින් පවතින අතර, එය වළක්වාගැනීමට ඇමරිකාවට නොහැකි වී ඇත. ජෝර්ජ් ක්ලොයිඩ් ඝාතනයේ පටන් අද දක්වාම කළු ජාතිකයන් ඝාතනය කිරීමේ සිද්ධීන් වාර්තා වේ. පසුගියදා එවැනි ක්‍රියාවන්ට එරෙහිව උද්ඝෝෂණ ද පැවැත්විණ. තම රටේ මෙවැනි පසුබිමක් පවතිද්දී අන් රටවල ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් උදෙසා ආර්ථික හා දේශපාලනික වශයෙන් ඇමරිකාව කරන මැදිහත්වීම් ගැටළු සහගත බව ද මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ‍ වැඩිදුරටත් පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම