තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන්කිරීමට උත්සාහ දැරීම නිෂ්ඵල ක්‍රියාවක් බව චීනය පවසයි
2023-04-25 18:47:54
Share with:

තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන්කිරීමට උත්සාහ දැරීම නිෂ්ඵල ක්‍රියාවක් බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවා ය.

ගෝතමාලාවේ ජනාධිපතිවරයා තායිවානය පිළිබඳව දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් Mao Ning මහත්මිය පවසන්නේ, චීනය රටවල් 182 ක් සමග එක්ව රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීම මගින්, එකම චීනය යන මූලධර්මයට ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම පිළිබිඹු කෙරෙන බවයි. ‘ තායිවානය ස්වාධීනත්වය හිමිකර ගැනීම ’  යන්න නිෂ්ඵල අදහසකි. ලෝක ප්‍රවණතා හා ජාත්‍යන්තර නීතිය නොතකා අත්තනෝමතිකව නියැලෙන ඕනෑ ම වැරදි ප්‍රයත්නයක් අනිවාර්යයෙන් ම අසාර්ථක වනු ඇත. තම වාසි කෙරෙහි පමණක් අවධානය යොමු කර, ජාත්‍යන්තර ප්‍රවණතාව හා  ජනතා අභිලාෂ බිඳ නොදමන ලෙස ගෝතමාලාවේ ජනපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම