සාකච්ඡා මාර්ගයෙන් සාමකාමී විසඳුමකට එක් වන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සුඩානයේ සටන් පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි
2023-04-25 14:22:14
Share with:

සාකච්ඡා මාර්ගයෙන් ගැටුම්කාරී තත්ත්වය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සුඩානයේ සටන් කරන දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටියි.

සුඩානයේ සන්නද්ධ ගැටුමෙන් සිය  ගණනක් පමණ මරණයට පත් වූ අතර දස දහස් සංඛ්‍යාත පිරිසක් තුවාල ලැබූ බව ගුටරෙස් මහතා ඊයේ(24) පැවසීය. එම තත්ත්වය එරට ඛේදජනක ප්‍රතිඵලයකට තුඩු දිය හැකි වන අතර සමස්ත කලාපයට බලපෑම් එල්ල විය හැකි යැයි ඔහු අනතුරු අඟවා ඇත. සටන් කරන දෙපාර්ශ්වය ජනකීර්ණ කලාපවලින් ඈත්ව සිටින ලෙසත් සාමකාමී මාර්ගවලින් ගැටුම් විසඳා ගන්නා ලෙසත් ඔහු ආයාචනා කළේය.

එම ගැටුම තිරසර ලෙස අවසන් කිරීමට තම සංවිධානය හවුල්කරුවන් සමග එක්ව කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම