චීනයේ සංවර්ධන ගමන්මග කිසිවෙකුට නවතා දැමිය නොහැකියි - ජනාධිපති අතිරේක ලේකම් වර්ණන් පෙරේරා‍
2023-04-24 09:24:52
Share with:

ලොව සංවර්ධන ප්‍රමුඛතා බොහෝ වෙනස්කම්වලට ලක්වෙමින් පවතී. කාර්මික යුගය සහ තොරතුරු තාක්ෂණ ‍යුගයන් පසු කළ ලෝකය මේ වන විට කෘත්‍රිම බුද්ධිය භාවිතයට ප්‍රවේශ වෙමින් සිටී. මේ සියලු යුගවල දී නිවැරදිව ඊට අනුගත වෙමින්, ලෝකයට නව නිෂ්පාදන ලබා දුන් ප්‍රධානම රටක් වන චීන මහජන සමූහාණ්ඩුවේ සංවර්ධනය, කිසිවෙකුට සීමා කළ නොහැකි බව ජනාධිපති අතිරේක ලේකම් වර්ණන් පෙරේරා මහතා පවසයි.

චීනය විවිධ සංවර්ධන ප්‍රමුඛතාවල දී තමන්ට අනන්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් සාර්ථකත්වය ළඟා කර ගත් රටකි. එසේම, එරට වර්තමානයේ දී බිලියන ගණනක් වූ ජනතාවට අවශ්‍ය සංවර්ධන පහසුකම් ලබාදෙමින් නව්‍යකරණයේ බලවතා බවට පත්වෙමින් සිටී. එපමණක් නොව බටහිර රටවල් අභිභවා ලෝකය පුරා සිය ශක්‍යතාවය ප්‍රදර්ශනය කිරීමට චීනය සමත් ව ඇත. ඒ නිසාම ඔවුන්ට විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව ද හෙතෙම පවසයි.

පවතින අභියෝග මධ්‍යයේ වේගවත් සහ නිවැරදි සංවර්ධනයක චීනය ගමන් කරමින් සිටී. නූතනත්වයට ගැළපෙන ලෙස සිය අනන්‍යතාව ආරක්ෂා කරමින් ඉදිරියට යන චීනයේ සංවර්ධන ගමන්මග කිසිවිට කිසිවෙකුට නවතා දැමිය නොහැකි බව ද ජනාධිපති අතිරේක ලේකම් වර්ණන් පෙරේරා මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම