එක්සත් ජාතීන්ගේ සිව්වැනි ලෝක දත්ත සංසදයට චීන ජනපතිගෙන් සුබපැතුම්
2023-04-24 18:46:05
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්සත් ජාතීන්ගේ සිව්වැනි ලෝක දත්ත සංසදයට සුබපැතුම් පිරිනමයි. අද (24) එම පණිවුඩය යොමු කර ඇත.

තිරසර සංවර්ධනය මානව සමාජයේ සමෘද්ධිය සහ ප්‍රගතිය සඳහා වන ඒකායන තේරීම බවත්, ශක්තිමත්, හරිත හා සෞඛ්‍යසම්පන්න ගෝලීය සංවර්ධනයක් සාක්ෂාත් කිරීම සමස්ත ලෝ වැසියන්ගේ පොදු අපේක්ෂාව බවත් ෂී ජින් පිං මහතා පෙන්වාදෙයි.

ගෝලීය සංවර්ධන මුලපිරීමේ රාමුව තුළ දත්ත පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතාව පුළුල් කර , "දත්ත පාලනය" මගින් තිරසර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා තම පණිවුඩයෙන් කියාසිටී.  දත්ත ක්ෂේත්‍රයේ විවෘත සහ ජයග්‍රාහී ජාත්‍යන්තර සහයෝගිතා රටාවක් ගොඩනැගීමට සහ සියලු රටවල පොදු සංවර්ධනය මෙන්ම ප්‍රගතිය වෙනුවෙන් එක්වීමට චීනය සූදානමින් සිටින බව ද හෙතෙම පවසයි.

එක්සත් ජාතීන්ගේ සිව්වැනි ලෝක දත්ත සංසදය චීනයේ  Zhejiang පළාතේ Hangzhou හි දී අද(24) ආරම්භ විය. " දත්ත ක්ෂේත්‍රයේ පොදු ජයග්‍රාහී අනාගතය වැළඳගැනීම" මෙවර සංසදයේ තේමාව යි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම