සෙසු රටවල් සමග එක්ව, පොදු ප්‍රයත්න ඔස්සේ අභ්‍යවකාශය ගවේෂණය කිරීමට හා භාවිත කිරීමට චීනය සූදානම් වෙයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවා ය.
අදට (24) යෙදී ඇති ‘චීන අභ්‍යවකාශ දිනය’නිමිත්තෙන්, එකී තේමාවෙන් යුතු වැඩමුළුවක් චීන ජාතික අභ්‍යවකාශ කාර්යාංශය විසින් පවත්වනු ලැබීය. රුසියාව සහ ප්‍රංශය වෙත චීනය විසින් චන්ද්‍රිකා සාම්පල තිළිණ කරනු ලැබ ඇතැයි ද එහිදී ප්‍රකාශ කෙරිණ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mao Ning මහත්මිය පැවසුවේ, සමානාත්මතාව හා පොදු-ජයග්‍රාහී බව පදනම් කර ගනිමින් අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගිතා පැවැත්වීම චීනය අඛණ්ඩ ව සිදුකරන බවයි. ‘චන්ද්‍රිකා සාම්පල කළමනාකරණ නීතිය’ ද චීනය නිකුත් කර ඇත. ඕස්ට්‍රේලියාව, රුසියාව, ප්‍රංශය, ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ස්වීඩනය ඇතුළු රටවල විද්‍යාඥයන් චීනයේ චන්ද්‍රිකා සාම්පල පිළිබඳ පර්යේෂණයන්ට එක්වූ බව ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියාසිටියාය.