කෘත්‍රිම බුද්ධිය සංවර්ධනයට රුපියල් බිලියනයක් වෙන් කරන බව ජනපති කියයි
2023-04-24 14:58:13
Share with:

කෘත්‍රිම බුද්ධිය කෙරෙහි අවධානය යොමු කර, එය වැඩිදියුණු කිරීමට ලබන වසරේ රුපියල් බිලියනයක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම වැඩපිළිවෙළට මුලපිරීම සඳහා රජය ඉංජිනේරුවන් 10,000 ක් හා වෛද්‍යවරුන් 5,000 ක් සම්බන්ධ කරගැනීමට නියමිතය. එසේ ම, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට තොරතුරු තාක්ෂණ කාර්මිකයන් සහ අනෙකුත් වෘත්තිකයන්ගෙන් සමන්විත දක්ෂ ශ්‍රම බලකායක් අවශ්‍ය වන බව ද  ජනාධිපතිවරයා කියාසිටී. රටේ ව්‍යාපාරිකයන් මෙම ක්‍ෂේත්‍රය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ද හෙතෙම පැවසීය.

විශිෂ්ටතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති “බිස්නස් ටුඩේ” සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළකළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම