චීන-ගෝතමාලා සබඳතා ගෝතමාලාවේ ජනතා අභිලාෂයන්ට හිතකර වනු ඇත
2023-04-24 17:35:56
Share with:

තමරට සමඟ සබඳතා වර්ධනය කිරීම ගෝතමාලාවේ මූලික අවශ්‍යතාවලට සහ එහි ජනතාවගේ අභිලාෂයන්ට අනුකූල වන බව  චීනය පවසයි.

තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් බව ලොව බොහෝ රටවල් පිළිගෙන ඇති බවත්, ගෝතමාලාව චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොමැතිවීම සාධාරණ නොවන බවත් ගෝතමාලා දේශපාලනඥයන් පසුගිය දා පැවති සම්මුඛ සාකච්ඡාවක දී විවෘතව පැවසූ බව, චීන  විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (24) නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවාය.

 චීනය ගෝතමාලාවේ දෙවන විශාලතම ආනයන ප්‍රභවය සහ පස්වැනි විශාලතම අපනයන ගමනාන්තය බව ඇය පෙන්වාදෙයි. එකම චීනය මූලධර්මය පිළිගැනීම සහ චීනය සමඟ සබඳතා වර්ධනය කිරීම ගෝතමාලාවේ මූලික අවශ්‍යතා සහ එහි ජනතාවගේ අපේක්ෂාවන්ට අනුකූල වේ. ඉතිහාසයේ පිළිගැනීමට පටහැනි වන ඊනියා "තායිවාන ස්වාධීනත්වය" නමැති බෙදුම්වාදී ප්‍රයත්නයට චීනය යළි එක්වීමේ ඓතිහාසික ප්‍රවණතාව නැවැත්විය නොහැකි බව ද Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම