බංග්ලාදේශ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-04-24 16:22:21
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා,  බංග්ලාදේශයේ නව ජනාධිපති Mohammed Shahabuddin Chuppu මහතාට සුබ පැතුම් පිරිනමයි.

එම සුබ පැතුම් පණිවුඩය අද (24) යොමුකර ඇත.

චීන-බංග්ලාදේශ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ සිට දෙරට අඛණ්ඩව අන්‍යොන්‍ය ගරුත්වය සමාන ලෙස සලකන බවත්, එම සබඳතාව විශාල සහ කුඩා රටවල් අතර සාමකාමී සහජීවනය, මිත්‍රත්වය සහ සහයෝගය සඳහා ආදර්ශයක් සපයා ඇති බවත් ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.

චීන-බංග්ලාදේශ සබඳතාව ඉහළින් අගය කරන තමා, Shahabuddin Chuppu මහතා සමඟ එක්ව දෙරට දිගුකාලීන මිත්‍රත්වය ප්‍රචාරය කරමින්,  "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ අධිගුණාත්මකව හා ඒකාබද්ධව ගොඩනැගීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා කියාසිටී. එසේම දෙරට උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය අඛණ්ඩව ප්‍රවර්ධනය කොට දෙරට ජනතාවට සුබසෙත සැලසීම තම බලාපොරොත්තුව බව ද චීන ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම