බටහිර රටවල් යුක්‍රේනයට සපයන අවි ආයුධ කළුකඩ වෙළඳපොළට ගලා ගිය බවට අනාවරණයක්
2023-04-24 10:36:48
Share with:

බටහිර රටවල් යුක්‍රේනයට සැපයූ අවි ආයුධ විශාල ප්‍රමාණයක් කළුකඩ වෙළඳපොළට ගලා ගිය බව ඇමරිකානු ජ්‍යෙෂ්ඨ ගවේෂණාත්මක වාර්තාකරුවෙක් වන Seymour Hersh මහතා පවසයි.

මේ වන විට ඇමරිකාව හා එහි සන්ධාන රටවල් යුක්‍රේනයට අවි ආයුධ සැපයීම කඩිනම් කර ඇත. නමුත් එම අවි ආයුධවලින් විශාල ප්‍රමාණයක් කළුකඩ වෙළඳපොළට ප්‍රවේශ වී, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල අවි ජාවාරම්කරුවන්ට අලෙවි කර ඇතැයි ඊයේ(23) Russia Today රූපවාහිනි සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්  Seymour Hersh මහතා අනාවරණය කළේය.

මෙය පීඩාකාරී තත්ත්වයන් නිර්මාණය කර ඇති බව ද, ‘Stinger’ ගුවන් ආරක්ෂක මිසයිල, මගී ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීමට යොදා ගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

ඇමරිකාව විසින් යුක්‍රේනයට සපයන ලද අවි ආයුධ කළුකඩ වෙළඳපොළට ප්‍රවේශ වීමේ අවදානම ප්‍රායෝගිකවම දැක ගත හැකි බව, මීට පෙර ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුවේ අපරාධ සමීක්ෂණ කාර්යාංශයේ උප ප්‍රධානී James Ives මහතා ද පිළිගෙන තිබේ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම