චීනයේ පළමු අඟහරු ගවේෂණ අඟහරු ගෝලීය රූප සිතියම නිකුත් කෙරේ
2023-04-24 10:41:07
Share with:

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සහ චීන විද්‍යා ඇකඩමිය එක්ව චීනයේ පළමු අඟහරු ගවේෂණය සිදු කරමින්, අඟහරු ගෝලීය රූප සිතියම අද(24) නිකුත් කළේය. මෙවර නිකුත් කරන ලද රූප සිතියම වර්ණයන්ගෙන් යුක්ත වන අතර අවකාශීය විභේදනය මීටර් 76කි. එය අඟහරු ගවේෂණ ව්‍යාපෘති සහ අඟහරු විද්‍යාත්මක පර්යේෂණ සඳහා වඩා උසස් මට්ටමේ මූලික පාදක සිතියමක් වනු ඇත.

චීනයේ Tianwen-1 අඟහරු කක්ෂ මොඩියුලයේ විභේදන කැමරාව 2021 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය දක්වා මාස 8ක් තුළ, අඟහරු මතුපිට ගෝලීය ආවරණය සිදු කරමින්, දුරස්ථ සංවේදක රූප කක්ෂ 284ක් ක්‍රියාත්මක කර තිබේ. භූමි යෙදුම් පද්ධතිය විසින් නිරීක්ෂණය කළ රූප දත්ත 14,757ක් සැකසීමෙන් පසු, අඟහරු ග්‍රහයාගේ මෙම ගෝලීය වර්ණ රූප සිතියම ලබා ගෙන ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම