ආසියානු සංස්කෘතික උරුම සංරක්ෂණ මෙහෙවර තුළින් ඉහළ ප්‍රගතියක්
2023-04-24 16:20:37
Share with:

ආසියානු සංස්කෘතික උරුම සංරක්ෂණය පිළිබඳ සමුළුව ඇරඹේ. අද (24) සිට 26 වැනි දා දක්වා එය චීනයේ Xi’an නගරයේ දී පැවැත්වේ.

ආසියානු රටවල් 21 ක මෙන් ම UNESCO සංවිධානය ඇතුළු සංස්කෘතික උරුම ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන 3 ක නියෝජිතයෝ ඊට සහභාගි වී සිටිති. ආසියානු සංස්කෘතික උරුම සංරක්ෂණය හා ඒවායේ නිසි පැවැත්ම වෙනුවෙන් සහයෝගිතා  ක්‍රමවේද ගොඩනැංවීමට ඔවුහු ඉදිරිපත් ව සිටිති.

ගතවූ වසර 4 තුළ, ආසියානු සංස්කෘතික උරුම සංරක්ෂණ මෙහෙවර මනාව සහතික කර ඇති බව චීන ජාතික පුරාවස්තු කාර්යාංශයේ උපඅධ්‍යක්ෂ Xie Bing මහතා එහිදී පැවසීය. ඉන් සැලකිය යුතු ප්‍රගතීන් හිමිව තිබේ.  ආසියානු රටවල් අතර සංස්කෘතික උරුම සහයෝගිතාව සඳහා වන චීන යෝජනා ආසියානු රටවල පොදු පැසසුමට ලක් වූ බව ද Xie Bing මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම