උසස් තත්ත්වයේ සංවර්ධනයක වැදගත්කම චීන අගමැති අවධාරණය කරයි
2023-04-24 09:50:33
Share with:

උසස් තත්ත්වයේ සංවර්ධනයක් සඳහා දරන උත්සාහයේ වැදගත්කම චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අවධාරණය කරයි. ඊයේ(23) රාජ්‍ය මණ්ඩලයේ අධ්‍යයන සැසියේ මුලසුන හොබවමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, උසස් සංවර්ධනයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය කිරීමටත්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිපත්ති සහ සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කරමින්, උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ දී අඛණ්ඩ ප්‍රගතියක් ලබා ගැනීමටත් උත්සාහ කළ යුතු බවයි.

උසස් තත්ත්වයේ සංවර්ධනය චීන නවීකරණයේ නෛසර්ගික අවශ්‍යතාවයකි. එමෙන්ම ප්‍රධාන සීමාවන් තරණය කිරීමේ දී අනිවාර්ය අවශ්‍යතාවයක් වන අතර, උපායමාර්ගික වාසි ලබා ගැනීමේ ප්‍රධාන මාර්ගය බවත් ඔහු අවධාරණය කළේය. ආර්ථික හා සමාජීය සංවර්ධනයේ සෑම පියවරකදීම නව සංවර්ධන චින්තනය භාවිත කිරීමට මූලිකත්වය ගත යුතු බව ද අග්‍රාමාත්‍ය Li Qiang මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම