අන්තර් දේශසීමා විද්‍යුත් වාණිජ්‍යය චීන විදේශ වෙළඳාමේ වර්ධන ලක්ෂ්‍යයක් බවට පත් වේ
2023-04-24 11:17:09
Share with:

         

          මේ වසරේ පළමු කාර්තුවේ චීනයේ අන්තර් දේශසීමා විද්‍යුත් වාණිජ්‍යය අඛණ්ඩ සහ වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. විදේශ වෙළඳාමේ වර්ධනය වෙනුවෙන් මහ බැංකුව හා චීන රේගු මහ පරිපාලනය ඇතුළු ආයතන සමග එක්ව “පරිමාණය ස්ථාවර කිරීම” හා ” ව්‍යූහය යහපත් කිරීම” පදනම් කර ගනිමින් කටයුතු කරන බව ඊයේ(23) චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී චීන නියෝජ්‍ය වාණිජ අමාත්‍ය, චීන වාණිජ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා නියෝජිත වං ශෝ වෙන් මහතා කියා සිටියේ ය.‍

          අන්තර් දේශසීමා වෙළඳපොල විවිධාංගීකරණයට චීන වාණිජ අමාත්‍යාංශය සහය ලබා දෙයි. විශේෂයෙන් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක්ව සිටින රටවල වෙළඳපොල තුළ චීන ව්‍යවසායන් මුහුණ දෙන දුෂ්කරතා විසඳීම සඳහා චීන වාණිජ අමාත්‍යාංශය වැඩි සහයෝගයක් ලබා දෙන බව ද වං ශෝ වෙන් මහතා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම