තම රටේ රාජ්‍යතාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමේ සැලසුමට රුසියාවෙන් ජර්මනියට ප්‍රතිචාර
2023-04-23 10:04:57
Share with:

රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 30 කට‍ වැඩි පිරිසක් ජර්මනියෙන් පිටුවහල් කිරීමේ සැලසුමට ප්‍රතිචාර දැක්වීමට රුසියාව සැරසෙයි.  ඒ අනුව, තම රටේ රැඳී සිටින ජර්මානු රාජ්‍යතාන්ත්‍රිකයන් සමාන පිරිසක් පිටුවහල් කිරීමට රුසියාව තීරණය කර ඇත.

රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 30 කට‍ වැඩි පිරිසක් ජර්මනියෙන් පිටුවහල් කිරීමට සැලසුම් කරන බව, ජර්මානු විදේශ ඇමතිනි Annalena Baerbock මහත්මිය පවසා ඇතැයි මීට පෙර ජර්මනියේ මාධ්‍ය වාර්තා කර තිබිණ.

ඒ අනුව, රුසියාවේ වෙසෙන ජර්මානු රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සංඛ්‍යාව දැඩි ලෙස සීමා කෙරෙනු ඇත. එසේම, ජර්මනියේ මෙම ක්‍රියාව දැඩිව හෙළාදකින රුසියානු විදේශ අමාත්‍යංශය පවසන්නේ, එයින් දෙරට අතර පවතින සෑම මට්ටමකම සබඳතා  විනාශ වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම