පිලිපීන ජනාධිපති Ferdinand Marcos මහතා චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා හමුවෙයි. හමුව ඊයේ (22) මැනිලා නුවර දී සිදුවිය.
පිලිපීනය හා චීනය අතර දිගුකාලීනව පවතින සමීප පැවැත්ම මෙන් ම සහයෝගිතාවයේ ඉහළ ප්‍රගතීන් දක්නට ලැබෙන බව, පිලිපීන ජනාධිපතිවරයා එහිදී පැවසීය. තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, පිලිපීනය අඛණ්ඩ ව එකම චීනය යන මූලධර්මය අනුගමනය කරයි. සාගර ගැටළු නිසි අයුරින් නිරාකරණය කර, දෙරට සබඳතාවට අනිසි බලපෑමක් එල්ල නොවන සේ කලාපීය සාමය හා සමෘද්ධිය ආරක්ෂා කිරීමට පිලිපීනය සූදානම් බව ද Marcos මහතා කියාසිටී.
පවතින තත්ත්වය හා අභියෝග හමුවේ, චීනය හා පිලිපීනය බාධා මගහරවා දෙරට සබඳතාවයේ නිසියාකාර වර්ධනය තහවුරු කළ යුතු බව චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා මෙහිදී කියාසිටියේය. තායිවාන ප්‍රශ්නය මෙන් ම සාගරය හා සම්බන්ධ ගැටළුවල දී පිලිපීනය ස්වාධීනව ක්‍රියාකරමින්, එක් පාර්ශ්වයක රැඳී නොසිටීමේ පොරොන්දුව ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.