චීනය සමග සම්බන්ධතාවය පුළුල් කිරීමෙන් ගෝලීය බැඳීම වැඩිදියුණු වී තිබේ--එල් සැල්වදෝර උප ජනපති
2023-04-23 17:23:20
Share with:

චීනය හා එල් සැල්වදෝරය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ පස්වැනි සංවත්සරය මේ වසරට යෙදී තිබෙනවා. එය නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහයේ මාධ්‍ය වේදියෙක්, එල් සැල්වදෝරයේ උප ජනාධිපති Félix Ulloa මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. දෙරටේ සම්බන්ධතාවයේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔහු පවසා ඇත්තේ, දෙරටම මෙම ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයෙන් වාසි ලබා ගත් බවත්, දෙපාර්ශ්වයම මේ පිළිබඳ තෘප්තිමත් වන බවත්ය. චීනය ඉතා හොඳ සහයෝගිතා හවුල්කරුවෙක්. ගෝලීය පරාසය තුළ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් ව්‍යාප්ත කිරීමේ අවස්ථාවන් තම රටට දැන් ලැබී තිබෙන බවත් Félix Ulloa මහතා කියා සිටිනවා. තම රටට අඛණ්ඩව සහය වන චීනය සමග සම්බන්ධතා පැවැත්වීමෙන් තම රටේ ජාත්‍යන්තර වෙළඳාම වර්ධනය කිරීමටත් හොඳ ඉඩ ප්‍රස්ථාවක් ලැබී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නා.

2018 වසරේ එල් සැල්වදෝරයේ පැවති ආණ්ඩුව විසින් චීනයේ තායිවාන ප්‍රදේශය සමග ඊනියා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය නතර කර චීන මහජන සමූහාණ්ඩුව සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනැගීමට තීරණය කළා. වත්මන් රජය  2019 වසරේ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු, එකම චීනය මූලධර්මය අනුගමනය කිරීමටත් තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව ද එල් සැල්වදෝර උප ජනාධිපතිවරයා සිය රටේ ක්‍රියාකලාපය පැහැදිලි කළා.

සිය රට තෝරා ගත්තේ ජගත් ප්‍රජාව තෝරා ගන්නා මාර්ගයයි. බහුතර එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එකම චීනය මූලධර්මය අනුගමනය කරනවා. ඒ හේතුවෙන් එම මූලධර්මය අනුමත කරමින් චීන මහජන සමූහාණ්ඩුව පිළිගැනීම, ජාත්‍යන්තර පොදු ප්‍රතිපත්ති හා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයට අනුගත වීමක් බව ඔහු පවසනවා. චීනය ශ්‍රේෂ්ඨ රටක් පමණක් නොව ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රේෂ්ඨ සහභාගීවන්නෙක් ලෙසත් හැඳින්විය හැකි බව Félix Ulloa මහතා සඳහන් කර තිබෙනවා.

එකම චීනය මූලධර්මය අනුගමනය කිරීමට තීරණය කරන විට ඇමරිකාවෙන් පීඩනයක් එල්ල වූවා ද යන්න පිළිබඳ මාධ්‍යවේදියා ප්‍රශ්න කළා.එවිට ඔහු ලබා දුන් පිළිතුර මෙයයි:

ඇමරිකානුවන් අපේ පැවති ආණ්ඩුව සමග අදහස් හුවමාරු කළා ද නැද්ද යන්න මම දන්නේ නෑ. කොහොම වුණත් වත්මන් ආණ්ඩුවට නම්, ඕනෑම රටකින් එල්ල වන පීඩනයන් අපි පිළිගන්නේ නෑ. මොකද අප ස්වාධිපත්‍යය සහිත රටක්. ‍වෙනත් රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනැගීමටත් පවත්වා ගෙන යාමටත් තීරණය කරන්න අපිට පුළුවන්. එල් සැල්වදෝරයේ ස්වාධිපත්‍යයට හානිකර කිසිදු හැසිරවීමක් අපි පිළිගන්නේ නෑ...

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම