ඒකපාර්ශ්වික සම්බාධක පිළිබඳව වෙනිසියුලානු උපජනාධිපතිනියගෙන් ඇමරිකාවට දෝෂාරෝපණ
2023-04-23 12:18:50
Share with:

2015 වසරේ දී ඇමරිකාව වෙනිසියුලාවට අතිරේක සම්බාධක පැනවීමේ සිට මෙතෙක් තම රජයට සිදුව ඇති මූල්‍ය අලාභය ඇ.ඩොලර් බිලියන 232 දක්වා ළඟා වී ඇති බව, වෙනිසියුලානු උප ජනාධිපතිනි  Delcy Rodriguez මහත්මිය කියාසිටී.

වෙනිසියුලානු උපජනාධිපතිනිය සමුළුවකට එක්වෙමින්  ඊයේ (22) මේ බව පැවසුවාය. 2015 සිට මේ දක්වා, බටහිර රටවල් වෙනිසියුලාවට ඒකපාර්ශ්වික සම්බාධක 929 ක් පනවා ඇති අතර, එයින් 60% ක් ඇමරිකාව විසින් පනවන ලද ඒවා බව ඇය පෙන්වාදෙයි. එම සම්බාධක හේතුවෙන් බොහෝ වෙනිසියුලානු වැසියන්ට මූලික අවශ්‍යතා අහිමි විය. රටවල් 35 කට සම්බාධක 20,000 කට අධික සංඛ්‍යාවක් පනවා ඇති ඇමරිකාව සෑමවිටම ලෝකයට එරෙහිව ආර්ථික හෝ මිලිටරි යුද්ධ සිදුකරන බවට Delcy Rodriguez මහත්මිය දෝෂාරෝපණය කළා ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම