අස්වැසුම සුභසාධක ප‍්‍රතිලාභ ගෙවීම ජූලි 01 වැනිදා සිට ඇරඹෙයි
2023-04-23 15:51:59
Share with:

අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජූලි මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ලබන වසරේ මාර්තු 31 දක්වා අවදානමට ලක් වූ පවුල් සඳහා මසකට රුපියල් 5,000 ක් ලබා දීමට යෝජනා කර ඇති අතර දුප්පත් පවුල් සඳහා 8,500ක දීමනාවක් ජූලි පළමු වැනිදා සිට වසර තුනක කාලයක් ලබා දීමට තීරණය කර ඇත.

මීට අමතරව අන්ත දිළිදු පවුල් සඳහා ද රුපියල් 15,000ක දීමනාවක් ජූලි පළමු වැනිදා සිට වසර 03ක කාලයක් ලබා දීමට නියමිතය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම