චීනය නිපැයූ අධි-උෂ්ණත්ව සුපිරි සන්නායක තාපන උපකරණය භාවිතයට ගැනේ
2023-04-23 10:50:12
Share with:

ලොව ප්‍රථම මෙගාවොට් මට්ටමේ අධි-උෂ්ණත්ව සුපිරි සන්නායක තාපන උපකරණය චීනයේ දී භාවිතයට ගැනේ.

පසුගිය දා චීනය විසින් නිපදවන ලද එම තාපන උපකරණය ඊසානදිග චීනයේ හේ ලොං චියන් පළාතේ දී භාවිතයට ගැනිණ. නව තාක්ෂණය යොදාගනිමින් විශාල ප්‍රමාණයේ ලෝහ උපාංග ඉතා ඉක්මණින් රත් කිරීමේ හැකියාව මෙම තාපන උපකරණය සතු වේ. ඇලුමිනියම් සහ තඹ වැනි ෆෙරස් නොවන ලෝහ පැතිකඩ සැකසීම සඳහා පමණක් නොව, ඉහළ මට්ටමේ මිශ්‍ර ලෝහ උණු කිරීම සහ තාප පිරියම් කිරීම සඳහා ද එය භාවිත කෙරේ. සාම්ප්‍රදායික තාප උපකරණවලට වඩා 50% කින් බලශක්තිය පිරිමැසිය හැකිවීම සහ කාබන් විමෝචනය අඩකට වඩා අඩු කළ හැකිවීම එම තාපන උපකරණයේ විශේෂත්වයකි.

බලශක්තිය ඉතිරි කිරීම, විමෝචනය අඩු කිරීම සහ ව්‍යවසායන් හි උසස් තත්ත්වයේ සංවර්ධනය සඳහා වන උපාංගවලට නව තාපන තාක්ෂණය භාවිත කළ හැකිය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම