උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට ගුරුවරු සූදානම්
2023-04-23 15:54:18
Share with:

හෙට (24) සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ගුරුවරුන් සහභාගී වනු ඇති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ වන විටත් බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි සඳහන් කළහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම