ඉදිරි වසර 25ක කාලය තුළ ශ්‍රී ලංකාව නාවික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු බවට පත් කරනවා-ජනපති පවසයි
2023-04-23 15:46:40
Share with:

ඉදිරි වසර 25ක කාලය තුළ ශ්‍රී ලංකාව නාවික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු බවට පත්කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වරාය ක්ෂේත්‍රයේ අනාගත සේවා ඉල්ලුම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ උතුරු වරාය සංවර්ධනය කිරීම බ්‍රිතානයේ AECOM සමාගම සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ සිදුකරනු ලබයි.

ඒ වෙනුවෙන් පැවැති කොළඹ උතුරු වරාය 30 අවුරුදු සංවර්ධනය පිළිබඳව වැඩමුළුව ඊයේ(22) ජනපති ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණ.

ඉදිරි වසර 25ක කාලය තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව සහ මියන්මාර ප්‍රදේශවල විශාල සංවර්ධනයන් සිදු වනු ඇත. එබැවින් ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම