චීන විදේශ ආයෝජන ඉහළට
2023-04-22 17:17:24
Share with:

චීනයේ වාණිජ අමාත්‍යාංශය මෑතකදී නිකුත් කළ දත්තවලට අනුව, මේ වසරේ පළමු කාර්තුවේ චීනය විදේශ ආයෝජනයේ සැබෑ භාවිතය චීන යුවාන් බිලියන 408.45 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.9 ක වර්ධනයකි. මේ කාල සීමාව තුළ , චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන් 10,000කට වැඩි ප්‍රමාණයක් අලුතින් ස්ථාපිත වී තිබේ. එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 25.5ක වැඩි වීමකි."චීනයට යාම" ලොව ප්‍රධාන මාධ්‍යයන්හි උණුසුම් මාතෘකාවක් බවට පත්වෙමින් පවතී.

වර්තමානයේ ගෝලීය ආර්ථිකය අඛණ්ඩව පසුබෑමකට ලක්ව ඇති අතර, භූගෝලීය දේශපාලනය සංකීර්ණ තත්ත්වයක පසුවේ. ලෝකය විශාල අවිනිශ්චිතතාවයකට මුහුණ දී තිබේ. මේ වසරේ ගෝලීය අන්තර් දේශසීමා ආයෝජන අඛණ්ඩව පහත වැටෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුව අනාවැකි පළ කර ඇත. එවැනි පසුබිමක් යටතේ චීනයේ ස්ථාවර විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම පහසු දෙයක් නොවන නමුත් එය අනපේක්ෂිත දෙයක් නොවේ. විදේශ ආයෝජකයන්ට නම්, ලෝකයේ දෙවන විශාලතම වෙළඳ භාණ්ඩ පාරිභෝගික වෙළඳපොල සහ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳපොල වන චීනයට ඇත්තේ සුවිශාල ආකර්ෂණයකි.

මෑත වසර කිහිපය තුළ, චීනය නවෝත්පාදනය මත පදනම් වූ සංවර්ධන උපාය මාර්ගය ක්‍රියාත්මක කර ඇත. ඒ සමඟම, "පර්යේෂණය හා සංවර්ධනය", විදේශ ආයෝජකයන්ගේ චීනයේ සංවර්ධන ක්‍රියාමාර්ගයේ වැදගත් ක්ෂේත්‍රයක් බවට පත්වෙමින් පවතී. මෙහිදී, ලෝකය සමඟ ප්‍රතිලාභ බෙදා ගැනීමටත් විවිධ රටවල් සමග එක්ව වාසී වැඩි වශයෙන් බිහි කිරීමටත්, විවෘත වෙමින් පවතින චීනය කැමැත්තෙන් සිටියි. විදේශ ආයෝජකයන් චීනයේ වැඩි ආයයෝජනය කිරීමේ හේතු වන්නේ චීනයේ ආයෝජනය කිරීම, අනාගතය සඳහා ආයෝජනය කිරීම හා සමාන ලෙස ඔවුන්ට වැටහුණු නිසාවෙනි.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම