ඉස්ලාම් බැතිමත්හු මසක උපවාසය නිමා කරමින් රාමසාන් උත්සවය සමරති
2023-04-22 19:14:04
Share with:

ඉස්ලාම් බැතිමතුන් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (22) යෙදී තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඊයේ (21) රාත්‍රී සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උත්සවය සැමරීම අද සිදුකරන බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෆයිසාල් ආබ්දීන් මහතා පැවසීය.

මේ අතර ජාති ආගම් භේදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව මව්බිම සමෘද්ධිය කරා ගෙන යාමට අදිටන් කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම