13 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල විවෘත වේ. චීන ජාතික චිත්‍රපට කාර්යාංශයේ මඟපෙන්වීම යටතේ, චීන මාධ්‍ය සමූහය සහ සහ බෙයිජිං නාගරික මහජන රජය විසින් සත්කාරකත්වය දරන මෙම චිත්‍රපට උළෙල අද (22) විවෘත කෙරිණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු නියෝජ්‍ය ප්‍රධානී, චීන මාධ්‍ය හමූහයේ අධ්‍යක්ෂ ජනරාල් සහ 13 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ සංවිධායක කමිටුවේ සභාපති Shen Haixiong මහතා සමාරම්භක උත්සවයේ දේශනයක් පැවැත්වූ අතර චිත්‍රපට උළෙලේ සමාරම්භය නිවේදනය කළේය. Shen Haixiong මහතා එහිදී පැවසුවේ විශිෂ්ට චිත්‍රපට සහ උසස් තත්ත්වයේ වීඩියෝ නිර්මාණය කිරීම සඳහා චීන මාධ්‍ය සමූහය දිරිමත් කරන බවයි. "සිතුවිලි + කලාව + තාක්‍ෂණය" යන නව්‍ය සංකල්පය සමඟින්, චීන මාධ්‍ය සමූහය වාර්තා චිත්‍රපට, 4K UHD සජීවී චිත්‍රපට, 4K UHD වර්ණ ප්‍රතිෂ්ඨාපනය චිත්‍රපට යනාදිය දිගටම දියත් කරන අතර රූපවාහිනියේ සහ චිත්‍රපටවල ද්වි-මාර්ග ගමන ක්‍රියාකාරීව ගවේෂණය කරන බව හෙතෙම පැවසීය.
මෙම වසරේ ප්‍රධාන තරඟ අංශය වන "ටෙම්පල් ඔෆ් හෙවන් (Temple of Heaven) සම්මානය" සඳහා රටවල් සහ කලාප 93කින් චිත්‍රපට ඉදිරිපත් කිරීම් 1488ක් ලැබී ඇත. ඒ අතරින් විදේශීය චිත්‍රපට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් දායකත්වය සපයා තිබේ. චීන සිනමා පටයක් වන "Ciao", ජර්මන් සහ ආර්ජන්ටිනා චිත්‍රපටයක් වන "Adios Buenos Aires", ප්‍රංශ සිනමාවෙන් නිර්මාණය කරන ලද "Driving Madeleine", ඇමරිකානු නිර්මාණයක් වන "To Catch A Killer" සහ කැනේඩියානු "Until Branches Bend" සිනමා පටය ඇතුළුව චිත්‍රපට 15ක් අවසාන තරඟයට පිවිස ඇත.