ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ
2023-04-22 19:12:49
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

විශිෂ්ටතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී 20 වැනිදා පැවති “බිස්නස් ටුඩේ” සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ස්ථාවර සහ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ළඟා කරගැනීමට තව බොහෝ දුර යා යුතුව තිබෙන බවත්, දිගුකාලීන සහ මධ්‍ය කාලීනව විකල්ප සොයා ගැනීම තුළින් යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකි බවත් ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම