“චීන සංවර්ධනය තුළ අන් රටවලට ගත හැකි ආදර්ශ බොහෝ ඇත” - බ්‍රසීල ජනපති
2023-04-22 19:27:58
Share with:

චීන නවීකරණ මාර්ගයේ අත්දැකීම් අගය කළ යුතු බව බ්‍රසීලයේ ජනාධිපතිවරයා පවසයි.

මතවාද පවත්වා පක්ෂය ගොඩනගමින් වේගවත් සංවර්ධන ආර්ථිකයක් බිහි කිරීමේ හැකියාව සහිත චීනය අගය කළ යුතු බව බ්‍රිසිලයේ ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා ප්‍රකාශ කළේය. ඔහු පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති වි‍ශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත.

ගෝලීයකරණයත් සමඟ පසුගිය සියවසේ 80 වන දශකයේ චීනයේ ශ්‍රම වෙළඳපොළේ සැඟවුණු හැකියාවන් සොයා ගැණින. රටේ විදේශීය සමාගම් ඔස්සේ දක්ෂතා පුහුණු කරන්නේ කෙසේදැයි චීන ජාතිකයන් දැන සිටියහ. එමෙන්ම ඒ කාලයේ විදේශ රටවලට ගොස්  අධ්‍යාපනය ලැබූ චීන ජාතිකයන් සංඛ්‍යාව මිලියන ගණනකි. ඉන් වර්තමානයේ චීනය ශක්තිමත් තාක්ෂණ, ආර්ථික හා කාර්මික රටක් බවට පත්වූ බව හෙතෙම පැවසීය. චීනය ලැබූ සුවිශේෂ ජයග්‍රහණ කෙරෙහි ඉහළ පැහැදීමක් තිබෙන බවද Luiz Inácio Lula da Silva මහතා ප්‍රකාශ කළේය.

මිලියන සිය ගණනක් වූ ජනගහණය දිළිඳුකමින් මුදා ගැනීම පහසු දෙයක් නොවේ. 2012 වසරේදී බ්‍රසීලය කුසගින්න තුරන් කර ඇත. එහෙත් වර්තමානයේ කුසගින්නෙන් පෙළෙන පිරිසක් යළිත් සිටී. එයින් බ්‍රසීලයේ දේශපාලනය සහ ආර්ථික තිරසාරභාවය නොමැති බව පිළිබිඹු වේ. එහෙත්  චීනය එසේ නො‍වේ.

එබැවින් චීනයෙන් මිත්‍රශීලීව, ගැඹුරින් සහ නිහතමානීව ඉගෙන ගත යුතුය. ඒ පිළිබඳව ඇතැම් රටවල් නොසන්සුන් විය හැකිය. මෑත ශතවර්ෂවලදී ලෝකය පාලනය කරන්නේ පොහොසත් හා බලවත් රටවල් කිහිපයක් පමණි. එම  රටවල් ලෝකය පිළිබඳ අවසන් විනිශ්චයන් ගැනීමට ක්‍රියා කරමින් සිටී. එහෙත් චීනය, ඉන්දියාව සහ බ්‍රසීලය යන සංවර්ධනය වෙමින් පවතින රටවල් කර්මාන්ත හා තාක්‍ෂණ ක්ෂේත්‍රවල අඛණ්ඩව දියුණු කිරීමත් සමඟ තමන් "ලෝකයේ ස්වාමිවරුන්" යැයි සලකන රටවල්වලට නොසන්සුන් බවක් දැනෙන බව ඉතා පැහැදිලිය. කෙසේවුවත් ඔවුන්ට කිය යුතු දේ වන්නේ "අන් අයට වඩා උසස් වීමට උත්සාහ නොකොට සමානාත්මතාවය අපේක්ෂා කිරීම වැදගත් බවයි". එය බ්‍රසීලය චීනය සමඟ හවුල්කාරිත්වයක් සංවර්ධනය කිරීමේ අර්මුණ බව Luiz Inácio Lula da Silva මහතා සිය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම