ශාන්තිකර සාගරය, ජපානයේ කසල බඳුන නොවිය යුතුය
2023-04-22 21:05:19
Share with:

ලෝක මිහිකත දිනය අදට යෙදී තිබේ. ජපාන රජය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම සඳහා විරෝධතා පළ කිරීමට, අද(23) දිනෙය්දී ලොව පුරා ජන සංවිධාන හා පරිසර සුරැකුම් සංවිධාන රැසක් ක්‍රියාකාරකම් පවත්වා ඇත.

වසර දෙකකට පෙර න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සැලැස්ම ජපාන රජය විසින් ප්‍රකාශයට පත් කෙරිණ. එතැන් සිට අද දක්වා ඊට විරුද්ධ වන හඬ නොනවතින සේ ජපාන ජනතාවගෙනුත් ගෝලීය වශයෙනුත් ඇසී තිබේ. ඒත් ජගත් ප්‍රජාවේ විරෝධතා නොතකා, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ඇස්තමේන්තු වාර්තාවක් ද නිකුත් නොකර තිබීම හමුවේ, අදාල සැලැසුම ප්‍රවර්ධනය කිරීමට ජපාන රජය කටයුතු කර ඇත. හෙට 23 වනදා සිට ෆුකුෂිමා ප්‍රදේශයේ නිලධාරීහු යුරෝපීය සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වෙති. සිය වාසියට නම්මා ගැනීම මගින් ජී7 කණ්ඩායම ජපානයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සැලැස්මට අනුබලය ලබා ගැනීම එහි අරමුණය.

ජපාන රජය හැම විටම උත්සාහ කර ඇත්තේ, සිය සැලැස්මෙන් ඇතිවිය හැකි හානිකර ප්‍රතිඵල සුළු කොට තකා අවට ප්‍රචාරය කිරීම මිස, න්‍යෂ්ටික දූෂිත ජලය නිසි ලෙස හැසිරවීමට ප්‍රයත්න දැරීමට නොවන්නේ යැයි පැහැදිලිය. සෙසු රටවල් මේ සඳහා සහතිකය සලසා දීමටත් සිය වැරදි සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය ලබා ගැනීමටත් ජපානය තැත් කරමින් සිටියි.

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දැනට න්‍යෂ්ටික දූෂිත ජලය ටොන් මිලියන 1.3ක් තැන්පත් කර ඇත. දෛනිකව තවදුරටත් ටොන් සියයක් පමණ පිට වේ. ඒවා මුහුදට මුදා හැරීමට නම්, වසර 30කට වැඩි කාලයක් ගත වේ. ජපානයට, විකල්ප සැලැසුම් නොමැතිකමක් ද නොව, ඒත් පිරිවැය හා ශ්‍රම භාවිතය අවම කිරීමේ අදහසින් යුක්තව ‘ආරක්ෂිතයි’ යනුවෙන් පවසමින් ඔවුන් තීරණය කර ඇත්තේ, දූෂිත ජලය මුහුදට මුදා හැරීම එකම විසඳුම බවයි.

සැබවින්ම න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම, ජපානයේ ‘පෞද්ගලික දෙයක් ’ පමණක් නොව එය සමස්ත මානවයින්ගේ තිරසර සංවර්ධනයට සම්බන්ධ වන පොදු කාරණාවකි. ශාන්තිකර සාගරය, ජපානයේ කසල බඳුන නොව, රටවල් රැසක අනාගතය රඳවන පොදු සම්පතක් වේ.  

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම