චීනය සහ ශ්‍රී ලංකාව දකුණු ආසියාතික වෙළෙඳ හා සැපයුම් මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ ගිවිසුමට අත්සන් තබයි
2023-04-22 16:42:05
Share with:

චීනය සහ ශ්‍රී ලංකාව දකුණු ආසියාතික වෙළෙඳ හා සැපයුම් මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ ගිවිසුමට අත්සන් තබයි.

 සීමාසහිත චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ දේශීය ව්‍යවසායයක් එක්ව දකුණු ආසියාවේ නවීන බහුකාර්ය සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා දකුණු ආසියානු වාණිජ හා ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘති ගිවිසුමට පසුගිය 21 වැනිදා කොළඹදී අත්සන් තැබීය. දකුණු ආසියා වාණිජ, වෙළඳ හා බහුකාර්ය සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය කොළඹ වරායේ පිහිටුවන අතර එහි මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 392 කි. ආනයන අපනයන අසුරණ, තීරු බදු ගෙවීමකින් තොරව ගබඩා කිරීම, නිදහස් වරාය ව්‍යාපාර, ගබඩා කුලියට දීම සහ වරාය ආශ්‍රිත වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය වැනි ව්‍යාපාර එහිදී සිදු කෙරේ. මෙම ව්‍යාපෘතිය මගින් දේශීය බහුකාර්ය සැපයුම් සේවා මට්ටම විශාල ලෙස වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වේ. කොළඹ වරාය සඳහා වැඩි ව්‍යාපාර සහ ප්‍රතිසාධනයක් ආකර්ෂණය කර ගැනීමටත්, දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ වරායේ ස්ථානය තහවුරු කිරීමටත් එමඟින් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම