යුක්රේනය සඳහා හමුදා සෙබළුන් 16,000 කට වැඩි පිරිසක් පුහුණු කර ඇත- යුරෝපා සංගමය පවසයි
2023-04-22 18:25:19
Share with:

යුක්රේනය සඳහා හමුදා සේබළු 16,000 කට වැඩි පිරිසක් පුහුණු කර ඇතැයි යුරෝපා සංගමය පවසයි.

යුක්රේන ආරක්ෂක ප්‍රශ්නය පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධතා කණ්ඩායමේ රැස්වීම ඊයේ (21) ජර්මනියේ ඇමරිකානු යුද හමුදාවේ Ramstein ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණ. යුරෝපා සංගමයේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිත Josep Borrell Fontelles මහතා සමාජ මාධ්‍යන්හි ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනය සඳහා යුරෝපා සංගමය සේබළු 16,000කට වැඩි පිරිසක් පුහුණු කර ඇති බවත්, යුක්රේනයට යුරෝ මිලියන 600කට අධික වටිනාකමින් යුතු  පතොරම් හා මිසයිල යුරෝපා සංගමය ලබා දී ඇති බවත්ය.

යුක්රේන සේබළු 2,500 ක් පමණ වර්තමානයේ ජර්මනියේ පුහුණුව ලබමින් සිටිති. ඊට අමතරව, 9,000 පමණ පිරිසක් පුහුණුව අවසන් කර ඇති අතර යුක්රේනයට යළි පැමිණ ඇතැයි ඇමරිකානු අණදෙන නිලධාරිගේ ඒකාබද්ධ මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම