මානුෂීය ප්‍රවේශයකින් ක්‍රියාකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සුඩාන ගැටුම්වලට අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි
2023-04-21 11:29:19
Share with:

මානුෂීය ප්‍රවේශයකින් ක්‍රියාකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සුඩානයේ ගැටුම්වලට අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එවන් මානුෂීය ප්‍රවේශයක් ඔස්සේ,  ගැටුම්වලින් තුවාල ලැබූවන්ට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර මධ්‍යධරණී ප්‍රාදේශීය කාර්යාලයේ වගකිවයුතු නිලධාරියෙක් ඊයේ (20) අවධාරණය කළේ ය. යුද ගැටුම්වලින් පීඩාවට පත්ව සිටින සිවිල් වැසියන්ට ආහාර, ජලය හා ඖෂධ සපයාගැනීම සඳහාත්, තුවාල ලැබූවන්ට නිසි වෛද්‍ය සේවා ලබාගැනීම සඳහාත් සටන් විරාමය ඉතා වැදගත් බව ඔහු පෙන්වාදෙයි.

මේ අතර, සුඩානයට හැකි ඉක්මණින් තවත් වෛද්‍ය උපකරණ සපයා දීමට සැලසුම් කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම