ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කොට ගතවූ වසරක් තුළ ජගත් ප්‍රජාවේ පුළුල් පැසසුම හා සක්‍රීය ප්‍රතිචාරය හිමිව ඇති බව චීනය පවසයි
2023-04-21 17:29:12
Share with:

ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කොට ගතවූ වසරක් තුළ එය ජගත් ප්‍රජාවේ පුළුල් පැසසුම හා සක්‍රීය ප්‍රතිචාරය දිනා ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ අද(21) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැඟූ අදාල ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. චීනය, පොදු, සංයුක්ත, සහයෝගතා හා තිරසර ආරක්ෂක සංකල්පයට අනුකූලව විවිධ පාර්ශ්ව සමග ආරක්ෂාව පිළිබඳ සංකල්පිත හා ප්‍රතිපත්තිමය අදහස් හුවමාරු පවත්වා ඇත. ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය, කොරියානු අර්ධද්වීපයේ ගැටළුව, සිරියානු අර්බුදය, පලස්තීන ගැටළුව යනාදී උණුසුම් ප්‍රශ්න දේශපාලන මාර්ගවලින් විසඳීමට චීනය නොනවතින රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් දරා සිටියි. ස්ථිර ලෙස සාමයේ සිට, ‘යුක්‍රේන අර්බුදය දේශපාලනිකව නිරාකරණය කිරීම පිළිබඳ චීන ක්‍රියාකලාපය’ ‘ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ චීන ක්‍රියාකලාපය’ යන ලිපිලේඛන නිකුත් කෙරිණ. සෞදි අරාබිය හා ඉරානය ‍නොබෝ කළකට පෙර බෙයිජිංහි පැවති සංවාදය තුළදී දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පුනරුත්ථාපනය කිරීමට දෙරට තීරණය කර ඇත. එය ද ගෝලීය ආරක්ෂක මුලපිරුමේ සාර්ථක භාවිතයකි. අනතුරුව වසංගත පාලනය,  ත්‍රස්තවාදය මර්දනය, ජෛව විද්‍යාව, අන්තර් ජාලය, ආහාර, දේශගුණික විපර්යාසයට මුහුණ දීම ඇතුළු සාම්ප්‍රදායික නොවන ආරක්ෂක ක්ෂේත්‍රවල චීනය විවිධ පාර්ශ්වයන් සමග සහයෝගතා පවත්වා ගැනීමෙහි නියැලී සිටින බව ද වං වෙන්බින් මහතා විස්තර කළේය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම