චීන විදේශ ඇමති පිලිපීනයේ සංචාරයක
2023-04-21 21:25:38
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති චින් ගාං මහතා පිලිපීනයේ සංචාරයක නිරත වීමට සැරසේ.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(21)  මේ බව ප්‍රකාශ කළේය.

පිලිපීන විදේශ ඇමති Enrique A. Manalo මහතාගේ ආරාධනාවට අනුව චින් ගාං මහතා අද(21) සිට 23 වනදා දක්වා පිලිපීනයේ සංචාරයක නිරත වේ. මෙවර සංචාරය මගින් පිලිපීනය සමග අදහස් හුවමාරු, අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගතා පුළුල් කර මතභේද නිසි ලෙස පාලනය කිරීමට අපේක්ෂා කරන බව වං වෙන්බින් මහතා කියා සිටියි. පසුගිය ජනවාරි මාසයේ පිලිපීන ජනාධිපති Ferdinand Romualdez Marcos මහතා චීනයේ සංචාරය කිරීමේ අතරතුර දෙරට නායකයින් එළඹුණු එකඟතාවන් ක්‍රියාවට නංවමින් චීන පිලිපීන සම්බන්ධතාවයේ විධිමත් සංවර්ධනය තහවුරු කිරීම ද එහි අරමුණය.

පිලිපීන ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන නායකයින් හමු වීම, පිලිපීන විදේශ ඇමතිවරයා සමග සාකච්ඡා පැවැත්වීම චින් ගාං මහතාගේ සංචාරය තුළදී සකස් කර ඇතැයි ද වං වෙන්බින් මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම