නැවත අත්පත් වූ භූමිය අහිමි කර ගැනීමට චීනයට කිසිඳු අපේක්ෂාවක් නොමැත
2023-04-21 17:02:37
Share with:

 නැවත අත්පත් වූ සිය භූමිය යළි අහිමි කරගැනීමට චීනය සූදානම් නැතැයි චීන විදේශ ඇමති චින් ගාං මහතා ප්‍රකාශ කරයි.

ඔහු එසේ ප්‍රකාශ කළේ අද(21) ෂැන්හයි හිදී පැවති ‘චීන නවීකරණය හා ලෝකය’—Lanting සංසදයේදී කතාවක් කරමිනි. තායිවාන ප්‍රදේශය මව්රටට ආපසු පැමිණීම, පශ්චාත් දෙවන ලෝක සංග්‍රාම ජගත් පටිපාටියේ කොටසකි. ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කරමින් තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය විනාශ කිරීමට උත්සාහ කරමින් සිටින්නේ, තායිවාන බෙදුම්වාදීන් හා එම බලවේගයට සහාය වන රටවල් මිස, චීන මහ ගොඩබිම පාර්ශ්වය නොවේ. ඔවුන්ගේ සැබෑ අරමුණ, එකම චීනය මූලධර්මයේ අන්තර්ගතය ශුන්‍ය කර චීනය බෙදීම බව චින් ගාං මහතා පෙන්වා දෙයි. එය පශ්චාත් දෙවන ලෝක සංග්‍රාම ජගත් පටිපාටිය විනාශ කරමින් චීන ස්වාධිපත්‍යයට හානි කිරීමේ කුමන්ත්‍රණයකි. කෝටි 140ක චීන ජනතාව ඊට ඉඩක් ලබා නොදේ.  නැවත හිමි වූ තම භූමිය යළි අහිමි කර ගැනීමට චීනය සූදානම් නැතැයි ද චීන විදේශ ඇමතිවරයා සඳහන් කර ඇත. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම