චීනයේ නැව් තැනීමේ කර්මාන්තය ලොව පළමු පෙළට
2023-04-21 09:39:07
Share with:

මෙම වසරේ පළමු කාර්තුවේ දී චීනයේ නැව් තැනීමේ කර්මාන්තයේ ක්‍රියාකාරිත්වය ස්ථාවර වී යථා තත්ත්වයට පත්වෙයි. ඒ අනුව, එම කර්මාන්තයට අදාළ බොහෝ දර්ශක ලොව ප්‍රමුඛස්ථානය චීනයට හිමිව තිබේ. එසේම, ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ මෙන්ම හරිතකරණයේ නව සොයාගැනීම් ද සිදු කර ඇත.

ජනවාරි සිට මාර්තු දක්වා චීනය සපුරා ඇති සමස්ත නැව් තැනීමේ පරිමාව ඩෙඩ්වේට් ටොන් (DWT) මිලියන 9.17 ක් වන බව සංඛ්‍යාලේඛනයන් හි දැක්වේ. ලද නව ඇණවුම් සංඛ්‍යාව ඩෙඩ්වේට් ටොන් මිලියන 15.18 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 53% ක වැඩිවීමකි. පළමු කාර්තුවේ චීනය සපුරා ඇති නැව් තැනීමේ පරිමාව, නව ඇණවුම් සහ දැනට ලබා ඇති ඇණවුම් යන අංශ තුනෙන්ම  ලොව ප්‍රථම ස්ථානය චීනයට හිමි ව තිබේ. එම අගයයන්, ලෝකයේ සමස්ත ප්‍රමාණයෙන් 43.5% ක්, 62.9% ක් සහ 50.8% ක් ලෙස දක්වා ඇත.

මීට අමතරව, නැව් ඇණවුම්වල ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති අතර, කර්මාන්තයේ හරිත සංවර්ධන වේගය ද ඉහළ ගොස් තිබේ. 2022 වසරේ සිට, චීනය ලද නව ඇණවුම්වලින් 50% ක් පමණ හරිත බලශක්ති නැව් සඳහා  වීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම