ඇමරිකාව චීන‍යට‍ ආයෝජන සීමා කිරීමේ සැබෑ අරමුණ චීනයේ සංවර්ධන අයිතිය අහිමි කිරීම බව චීනය පවසයි
2023-04-21 18:56:00
Share with:

ඇමරිකාව චීන‍යට‍ ආයෝජන සීමා කිරීමේ සැබෑ අරමුණ චීනයේ සංවර්ධන අයිතිය අහිමි කිරීම වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ඇමරිකාවේ ජනාධිපති බයිඩන් ඉදිරි සති කිහිපය තුළ චීනයේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රවලට ඇමරිකාවේ සමාගම්වල ආයෝජන සීමා කිරීමේ විධායක නියෝගයකට අත්සන් කරනු ඇතැයි වාර්තා වෙයි. ඒ පිළිබඳව චීනය වැඩි අවධානය යොමු කරනු ඇති අතර තරයේ විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (21) මාධ්‍ය හමුවේදී පැවසීය.

රටේ ආරක්ෂාව සහතික කිරීමේ නාමයෙන්, ආර්ථික, වෙළඳ හා විද්‍යා ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම සහ ආයුධකරණය කිරීම ඇමරිකාවේ නිරන්තර ක්‍රියාවක් බව හෙතෙම කීය. ඇමරිකාවේ එම ක්‍රියාවලිය ආර්ථික තර්ජනයක් මෙන්ම තාක්ෂණික හිරිහැර කිරීමකි. එය තරයේ ජාත්‍යන්තර ආර්ථික පිළිවෙළ, ගෝලීය කාර්මික දාම හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය හා මුළු ලෝකයේ ප්‍රතිලාභයට හානි කිරීමක් බව ද Wang Wenbin මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම