“දරුවන් එළියට ගෙනියන්න එපා”-වෛද්‍ය අංශ දැනුම් දෙයි
2023-04-21 14:30:08
Share with:

අධික උණුසුම් සහගත කාලගුණය හේතුවෙන් දරුවන් විවිධ ක්‍රියාකාරකම් සඳහා අනවශ්‍ය ආකාරයට පාසල් පරිශ්‍රයෙහි අධික ලෙස හිරු එළිය වැටෙන ස්ථානවලට රැගෙන යෑමෙන් වළකින්නැයි  ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

එළිමහනට දරුවන් රැගෙන යන සෑම අවස්ථාවකම ජලය වැඩි වශයෙන් පානය කිරීමට උපදෙස් දෙන ලෙසද  ඔහු ඉල්ලා සිටියේය.

පාසල් පන්ති කාමරයෙන් එළියට යන සෑම අවස්ථාවකම තොප්පියක් පැළඳ සුදු පැහැති කපු ඇඳුමක් ඇඳ ගමන් කිරීමෙන් තාප හානිය වැළැක්විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

දරුවන් අධික හිරු රශ්මියට නිරාවරණයවීමෙන් දැඩිතාප කම්පන තත්වයන්ට ගොදුරුවී  විවිධ බරපතළ ආබාධයන්ට පවා ගොදුරු විය හැකි බව පැවසූ වෛද්‍යවරයා, පන්ති කාමරවලට හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීමෙන් උණුසුම අඩු කරගත හැකි බව ද පෙන්වා දුන්නේය.



ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම