ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු වී අදට (21) වසර 04 ක් සපිරෙයි.
දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා වූ අතර සමස්ථ ප්‍රහාරයෙන් විදේශිකයන් 45 දෙනෙක්, පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ බෝම්බකරුවන් අටදෙනා ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙක් මරණයට පත් වූහ.
මෙම ප්‍රහාර හේතුවෙන් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද(21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරීමට කතෝලික සභාව සැලසුම් කර තිබිණ.
අදාළ ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙම ජනපවුර නිර්මාණය කරන බව කතෝලික සභාව සඳහන් කළේය.