චීනයේ සෝයාබෝංචි සහ තෙල්බෝග සඳහා අක්කර ලක්ෂ 16.5 ක නව වගාබිම්
2023-04-21 10:22:07
Share with:

චීනයේ පළමු කාර්තුවේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි. එය, චීන රාජ්‍ය තොරතුරු කාර්යාලය විසින් ඊයේ (20) පවත්වනු ලැබීය.

චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් එහිදී පෙන්වා දුන්නේ, මෙම වසරේ සෝයාබෝංචි සහ තෙල් බෝග වගාබිම්වල වපසරිය පුළුල් කරන අතර, ඒකකයකින් ලැබෙන අස්වැන්න සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවයි. එම බෝග සඳහා අලුතින් එක්කෙරෙන වගාබිම් ප්‍රමාණය  අක්කර 16 ලක්ෂ පනස්දහස ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 මෙම වසරේ ප්‍රධාන ධාන්‍ය සහ තෙල්බෝග සඳහා මහා පරිමාණ ඒකක අස්වැන්න වැඩිදියුණු කිරීමට ද, චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය ක්‍රියාකරනු ඇත. මේ යටතේ, සෝයාබෝංචි වගාකෙරෙන ප්‍රධාන කෝරළ 100 ක් කෙරෙහි අවධානය යොමුකෙරේ. ඒ අනුව, මේ වසරේ රට පුරා සෝයාබෝංචි අස්වැන්න සෑම අක්කරයකටම කිලෝග්‍රෑම් 30 කින් වැඩිකිරීම අපේක්ෂිත ඉලක්කයයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම