ජපාන අග්‍රාමාත්‍යවරයා ජපානයේ යසුකුනි ස්මාරකයට උපහාර පැවැත්වීම චීනය හෙළා දකියි
2023-04-21 16:49:48
Share with:

යසුකුනි ස්මාරකය හා සම්බන්ධ ජපානයේ නිෂේධාත්මක ක්‍රියාව කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කරයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(21) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ජපාන අගමැතිවරයා යසුකුනි ස්මාරකයට උපහාර පුද පූජා පැවැත්වීම පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය. යසුකුනි ස්මාරකය, ජපාන රණපරමවාදය විදේශ රටවල ආක්‍රමණශීලී යුද්ධ දියත් කිරීමේ ආධ්‍යාත්මික මෙවලමක් සහ සංකේතයකි. යසුකුනි ස්මාරකය හා සම්බන්ධ ජපානයේ නිෂේධාත්මක ක්‍රියාවන් කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කළ අතර ජපානය වෙත විරෝධාත්මක කරුණු ඉදිරිපත් කර ඇත. රණපරමවාදය හා සම්බන්ධතාවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී සැබෑ ක්‍රියාවන් මගින් සිය ආසියානු අසල්වාසීන් හා ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාස දිනා ගන්නා ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම