නවීකරණයේ නව ජයග්‍රහණ සමඟින් ලෝක සංවර්ධනය සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට චීනය සූදානම් - චීන ජනපති
2023-04-21 09:57:04
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (21) Lanting සංසදය වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමුකරයි. "චීන නවීකරණය සහ ලෝකය" එහි තේමාව යි.

නවීකරණය නූතන යුගයේ චීන ජනතාවගේ අඛණ්ඩ ලුහුබැඳීම මෙන්ම සමස්ත ලෝකවාසීන්ගේ පොදු ලුහුබැඳීම බව ෂී ජින් පිං මහතා පෙන්වාදෙයි. රටක් නවීකරණය ලුහුබඳින විට, නවීකරණයේ පොදු නීති අනුගමනය කිරීම පමණක් නොව, එහි යථාර්ථයට ද අනුකූල විය යුතුය. එසේම ඊට අනන්‍ය වූ ලක්ෂණ තිබිය යුතුය. චීන කොමියුනිස්ට් පක්ෂය සියලු ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් ජනතාව එක්සත් කර, ඔවුන්ට නායකත්වය ලබා දී දීර්ඝකාලීන හා දුෂ්කර ගවේෂණ ඔස්සේ චීනයේ ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් සොයා ගැනීමට සමත් වූ බව ද චීන ජනාධිපතිවරයා කියාසිටී.

තම නවීකරණයේ නව ජයග්‍රහණ සමඟින් ලෝක සංවර්ධනය සඳහා නව අවස්ථා නිර්මාණය කර, නවීකරණයේ මාවතක් සහ වඩා යහපත් සමාජ ක්‍රමයක් ගවේෂණය කිරීමට චීනය සූදානමින් පසුවෙයි. එසේම, මානව වර්ගයාට නව ජවයක් ලබා දී, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා වෙනත් රටවල් සමඟ එක්ව කටයුතු කිරීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින් පිං මහතා පෙන්වාදෙයි.

චීන මහජන රාජ්‍යතාන්ත්‍රික සංගමය, චීන මහජන විදේශ කටයුතු ආයතනය සහ ෂැංහයි නාගරික ජනතා රජය විසින් සම අනුග්‍රහය දක්වන Lanting සංසදයට රටවල් 80 ක පමණ රාජ්‍ය නියෝජිතයෝ, බුද්ධි මණ්ඩල සහ මාධ්‍ය නියෝජිතයෝ එක්ව සිටිති.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම