චීනයේ අභ්‍යවකාශ කර්මාන්තයට ෂී ජින් පිං මහතා වැඩි අවධානය යොමු කරයි
2023-04-21 19:16:31
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු, මිනිසුන් සහිත අභ්‍යවකාශ පියාසර, චන්ද්‍රිකා සන්නිවේදනය සහ රොකට් තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල චීනය විශාල ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඒ ක්ෂේත්‍රවලට යොමු කළ අවධානය එම ජයග්‍රහණවලට හේතුවක්.

1970 වසරේ අප්‍රේල් 24 වැනිදා, චීනයේ පළමු කෘත්‍රිම පෘථිවි චන්ද්‍රිකාව වන Dong Fang Hong 1 සාර්ථකව දියත් කෙරුණා. 2020 වසරේ අප්‍රේල් මාසයේදී, Dong Fang Hong 1 මෙහෙයුමේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයින්ට පිළිතුරු ලිපියක් යොමු කරමින්, ෂී ජින් පිං මහතා නව යුගයේ අභ්‍යවකාශ වෘත්තිකයන්ට තම අවංක අපේක්ෂාව ඉදිරිපත් කළා. ඔවුන් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයින් ආදර්ශයට ගෙන, නිර්භීතව දුෂ්කරතා ජය ගනිමින් අභ්‍යවකාශ තාක්‍ෂණයේ උච්චතම ස්ථානයට ළඟාවීමට එඩිතර වනු ඇතැයි ෂී ජින් පිං මහතා බලාපොරොත්තුව පළ කළා.

Chang'e 4 චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ නියෝජිත සේවකයන් හමු වූ අවස්ථාවේදී, ෂී ජින් පිං මහතා පවසා ඇත්තේ, ලෝක විද්‍යා තාක්ෂණ සංවර්ධන ප්‍රවණතාව ගැඹුරෙන් වටහා ‍‍ගෙන, වැදගත් තාක්ෂණාංගවල විශාල ජයග්‍රහණ ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවයි.

විශ්වය ‍ගවේෂණය කිරීම සමස්ත මානව වර්ගයාගේ පොදු සිහිනයක්. සුදුසු ලෙස අභ්‍යවකාශ සම්පත් භාවිත කිරීම, අභ්‍යවකාශ පරිසරය ආරක්ෂා කිරීම සහ අභ්‍යවකාශ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් සමස්ත මානව වර්ගයන්ට ප්‍රතිලාභ ලබා දීම චීනය අඛණ්ඩව අනුගමනය කරන මූලධර්මයන් බව ෂී ජින් පිං මහතා කිහිප වතාවක්ම සඳහන් කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම