බර අනුව බිත්තර සඳහා උපරිම මිලක්
2023-04-20 18:20:04
Share with:

බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නව ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක් සහ දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක් වන ලෙස උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.

සුදු බිත්තරයක් රුපියල් 44 ක් ද, දුඹුරු බිත්තරයක් රුපියල් 46 ක් ද, වූ මීට පෙර උපරිම සිල්ලර මිල තවදුරටත් ක්‍රියාත්මක වන බවද එම ගැසට් නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම