යුන්නන් විශ්ව විද්‍යාලයේ සියවස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-04-20 15:05:04
Share with:

යුන්නන් විශ්ව විද්‍යාලයේ සියවසේ සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

ගෙවී ගිය ශතවර්ෂයක් තුළ යුන්නන් විශ්ව විද්‍යාලය මව්රටේ නිරිතදිග  මායිම් ප්‍රදේශය හා සුළු ජන වාර්ගික ප්‍රදේශය වෙනුවෙන් ප්‍රවීනයින් විශාල ප්‍රමාණයක් බිහි කිරීමට සමත් වූ බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩය සඳහන් කරයි. විවිධ ජන වාර්ගිකයින් අතර සමගිය, ප්‍රගතිය හා කලාපීය ආර්ථික සමාජ සංවර්ධනය වෙනුවෙන් යුන්නන් විශ්ව විද්‍යාලය සක්‍රීය දායකත්වයක් ලබා දී තිබෙන බව ද එහි සඳහන් වේ.

නව යුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනයේ මඟපෙන්වීම් යටතේ යුන්නන් විශ්ව විද්‍යාලය චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය හා පක්ෂයේ අධ්‍යයන ක්‍රියාමාර්ගය අනුගමනය කරමින්, සිය අධ්‍යයන මට්ටම තවදුරටත් ඉහල නංවාලීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.  එසේම අධ්‍යාපනයෙන් රට බලගැන්වීමේ ක්‍රියාමාර්ගයට වඩාත් විශාල කැපකිරීමක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ යැයි ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම