නවක වෛද්‍යවරු 1320කට පත්වීම්
2023-04-20 18:20:51
Share with:

පශ්චාත් සීමාවාසික නවක වෛද්‍යවරුන් 1320කට මේ මස 25 වැනිදා සිට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. නවක පත්වීම් ලබන වෛද්‍යවරුන් රට පුරා රෝහල්වලට අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති අතර එම වෛද්‍යවරුන් වැඩි වශයෙන් දුෂ්කර ප්‍රදේශයන්හි රෝහල් කරා යොමු කෙරෙනු ඇත. මෙරට සමස්ත වෛද්‍යවරුන් සංඛ්‍යාව 19,000ක් පමණ වන අතර නව වෛද්‍යවරුන්ගේ පත්වීම් සමඟ එය 20,000 ඉක්මවයි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම