යුනෙස්කෝ සංවිධානය එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය සමරයි
2023-04-20 09:44:36
Share with:

යුනෙස්කෝ සංවිධානය එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය සමරයි. ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේ දී පසුගිය 18 වැනිදා චීන භාෂා දින සැමරුම් උත්සවය පැවැත්විණ. චීන භාෂාවේ චමත්කාරය ප්‍රදර්ශනය කිරීම සහ ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම වැඩි දියුණු කිරීම එම උත්සවයේ අරමුණයි.

යුනෙස්කෝ සංවිධානයේ තොරතුරු හා සන්නිවේදන සහකාර අධ්‍යක්ෂ ජනරාල් ටවුෆික් ජලසි මහතා පැවසුවේ ලෝකයේ බහුලවම කතා කරන භාෂාවක් ලෙස චීන භාෂාව විශිෂ්ට සංස්කෘතිය සහ දීර්ඝ ඉතිහාසය අර්ථ නිරූපණය කිරීමට කවුළුවක් වන අතර, සියවස් ගණනාවක ශිෂ්ටාචාර හුවමාරුව දෙස ආපසු හැරී බැලීමට ප්‍රවේශයක් ද වන බවයි. චීන භාෂා දින ක්‍රියාකාරකම් මෙම කවුළුව විවෘත කිරීමට අවස්ථාවක් ලබා දුන් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම